සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ ජාතික සමුළුව 2025.01.11 වැනි දින ගාල්ල දිස්ත්‍රික්කයේදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේගේ හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා කොළඹ තරුණ බෞද්ධ සංගමය ගරු සභාපතිතුමන් වන මහේන්ද්‍ර ජයසේකර මහතා සහභාගි වූ අතර එහිදී ගරු සභාපතිතුමන් විසින් "දහම් පාසල් ගුරු පුහුණු හා ශාසනාරක්ෂක මණ්ඩලයේ සම්බන්ධතාවය" පිළිබඳව හරවත් දේශනයක් ගරුතර මහා සංඝරත්නය උදෙසා සිදුකරන ලදී.
0 Comments